මහනුවර ආදර්ශයේ ඉතිහාසය

අදින් දහ අට වසරකට පෙර මහනුවර ආදර්ශ විද්‍යාලය බිහිවිය. එම නාමය කා අතරත්, ජනප්‍රිය වූයේ Kandy Model School ලෙසය. එද මෙදා තුර ගමන් මග සුන්දර නොවු වත් ඒ ගමන් මග තුල නව ලොකයට නොබියව පියමං කරන දරු කැළක් බිහි කරන විදු පියසක් ලෙස මෙය සෙංකඩගල පුරවරයෙහි නැණ කිරණ විහිදුවන මිණි පහනකි.

මධ්‍යම පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය w m p සේනානානයක මහතාත්, මධ්‍යම පළාත් හිටපු අධ්‍යාපන ලේකම් ගරු p ඇල්කඩුව මැතිදුන්ගේ පූර්ණ අවධානය හා අනු ශාසකත්වය මතද, ගරු ආණ්ඩුකාර ස්ටැන්ලි තිලකරත්න මැතිදුන්ගේ අනු ශාසකත්වය මතද, 1999.01.28 වන දින කුළුධුල් පාසලක් ලෙසින් මහනුවර ආදර්ශ විද්‍යාලය ආරම්බ කිරීමට මංගල පස් පිඩැල්ල කපනු ලැබුයේ මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර කොට්ටාසයේ පල්ලේ තලවින්න ගම්මානයේ සුන්ධර බිම් කඩකය.

ප්‍රදේශය තුල පිහිටි ජනප්ප්‍රිය පාසල් විශාල ප්‍රමානයක් අතර, නව දැක්මකින් තවත් පාසලක් ඇරඹීම සත්‍ය ලෙස්න්ම අභියෝගයක් විය. ජනප්ප්‍රිය පාසල් සොයා සිය දරුවන් සමග දිව යන දෙනෝ දහසක් දෙමාපියනට පිලිසරනක් ලෙස ජනප්ප්‍රිය ගුනාත්මක බවින් පිරිපුන් විශිශ්ඨගනයේ පාසලක් ගමට ගෙම මෙම පාසල ස්ථාපනය කිරීම අරමුණ විය. ගමට සුදුසු පාසලක් නිර්මාණය කිරිම පමනක් ම නොව මෙය විටෙක පර්යේශනාගාරයක්ද ද විය. තවත් විටෙක එය පරමාර්ථ රැසක් පාදක වුනු ව්‍යාප්ෘතියක්ම විය. එසේම එය අධ්‍යාපනයේ නිම් වළලු පුලුල් කරන ක්‍රියාවලියකි. වර්තමානය වන විට එම අපේක්ෂණයන් ජයගෙන ඇති බවට අනෙකුත් අධ්‍යාපන කලාපවලට සාපේක්ෂව දරුවන් ලබන ජයග්ග්‍රහණ හා ප්‍රතිඵල තහවුරු කරනු ලබයි. එම අරමුණු සාක්ෂත් කරගත හැකි බව සොයා බැලීමේ දී පර්යේෂනාගාරයක් වූ මහනුවර ආදර්ශ විද්‍යලය මේ වන විට අරමුණු සාදාරනී කර පෙනවයි.

Kandy Model school

අධ්‍යාපන ක්ෂේස්ත්‍රය තුල විශාල දැනුම් සම්බාරයක් ලබා සිටි ඔහු අධ්‍යාපන පුරෝගාමියෙකු ලෙසත් විවිධ විෂයධාරා තුල නිපුනතා වලින් සන්නද්ද වූ වෙකු ලෙසත් මෙම අභියෝග ජය ගැනීමට දැරූ උත්සහය සාර්ථක විය.

පාසලේ නාමය ආදර්ශ නාමයක් විය යුතු බව විදුහල්පති තුමාගේ අදහස වූ හෙයින් මෙම විද්‍යාලයට නම තැබුවේ KANDY MODEL SCHOOL ලෙසය. ලෝකයත් සමග පෑහෙමින් ගමන් ගැනීමේදී පාසල් නාමය කෙතරම් උචුතද යන්න වැටහෙන්නේ එදා නොව අදය. පාසල් නාමය අභිමානවත් වනවා සේම ඊට සරිලන ලෙස සැලසුම් සකස් කිරීම විදුහල්පති තුමාගේ අභිමතාර්ථය විය. ඒ අනුව ආචාර්‍ය මන්ඩලය බදවා ගැනීමේදීත් ඉංග්‍රීසි ඉගැන්වීමේ ක්‍රමවේදයන් සැකසීමේදීත් නව මුහුනුවරක් අනුගමනය කරන ලදී.

ආචාර්ය මණ්ඩලය 6 දෙනෙකුගෙන් සහ සිසුන් 171 දෙනෙක් ගෙන් ඇරඹි අප විද්‍යාලය 1999 නව අද්‍යාපන ප්‍රිතිසංස්කරණයන්ට අනුකූලව ක්‍රියාත්මක වූ අතර ක්‍රියාත්මක වූ අතර නිපුනතා පාදක ඉගෙනුම් පරිසරයක් පාසල තුල නිර්මාණය විය. 1 වසරේ සිට 5 වසර දක්වා ප්‍රාතමික පාසලක් ලෙස ක්‍රියාත්මක වූ මෙම පාසල තුල සිංහල භාශාවට අමතරව ඉංශ්‍රීසි, ජපන් මෙන්ම දෙමල වැනි භාශාවන් සිසුන්ගේ ව්‍යවහාරයට එක් කිරීමට පියවර ගැනුනි.

Kandy Model school

විවිධ විදේශීය රටවල් හී විශ්ව විද්‍යාලීය සිසුන් සිය පර්යේෂනයන් සදහා මෙම විද්‍යාලය තෝරා ගැනීමෙන් පසක් වන්නේ අධ්‍යාපනය පිලිබද හැදෑරීමට කදිම තෝ තැන්නක් වූ බවය. එසේම විදේශ සිසුන්ගේ සම්පත් දායකත්ව විද්‍යාලීය සිසුනට නව ලොකයේ දැනුම සම්ප්‍රේශනය කර ගැනීමට කදිම අත්වැලක් විය. සිසුන් සිය දක්ශතා විවිද ක්ෂේස්ත්‍ර හරහා ප්‍රකට කරද්දි වත්තේගම අධ්‍යාපන කලාපයේ 5 වසර ශිෂ්ශත්ව ප්‍රතිපල වසර ගණනාවක් පුරා ඉහල ප්‍රතිශතයකින් රදවා ගැනීමට ලැබීමද අප ලද අභිමානයකි.

ප්‍රාථමික විද්‍යාලයක් ලෙස වසර 5ක් තුල ඉතා ඉහල සාර්ථකත්වයක් ලැබූ මහනුවර ආදර්ශ විද්‍යාලයට 2004 වර්ශයේදී වැසී යමින් පැවති පොල්ගොල්ල කපිල සෙනෙවිරත්න විද්‍යාලය එක් කරගනු ලැබිය. ඒ අනුව ප්‍රාථමික විද්‍යාලයක් ලෙස බිහිවූ මහනුවර ආදර්ශ විද්‍යාලය ද්විතීක අංශයක් සහිත විදුහලක් ලෙස උසස් වුයේ ප්‍රදේශයේ මහජනතාවගෙන් එල්ල වූ බරපතල අභියෝගයන් හා විරෝදතාවයන් සාර්ථකව ජය ගනිමිනි. 2012 වර්ෂයේ උසස් පෙල කලා හා වාණිජ අංශය ඇරඹීමත් සමග 2 වර්ගයේ පාසලක්ව තිබූ මෙම විද්‍යාලය අද වන විට 1-C පාසලක් ලෙස පියවරක් ඉදිරියට තබා ඇති බව කිව යුතුය.

විෂය, විෂය සමගාමී, විෂම බාහිර යන සියලු ම අංශ වලදී විවිද හැකියාවන් හරහා විද්‍යාලයේ සිසුන් අධ්‍යාපන කලාපය තුල පමණැක් නොව ජාතික මට්ටමේ දීත් සියලු සුසුන්ට අභියෝගයක් විය. එමෙන්ම මෙවැනි පාසලක් තවත් අත්වැලක් වූයේ නිරන්තරයෙන් අවධානයෙන් පසුවෙන සජීවී දෙමාපියන් මගින් බිහිවූ පාසල් ප්‍රජාවක් සහ සුභපතන්නන් රැසක් සිටින නිසාවෙන් අද දකින මහනුවර ආදර්ශ විද්‍යාලය “නෙතට පියගරුක වූ ගෙදරක්” වූ අතර නිබදවම අප ගමන් කරන්නේ සාරධර්ම පෙරදැරිවමය. විද්‍යාලයේ දරුවන් වඩාත් කැපී පෙනෙන්නේ ඉගෙනුම් කාර්ය පමනක් නොව මහා හැදියාවන්ගෙන් යුතු ආදර්ශමත් දරු කැලක් වීම නිසාය.

සුභ අනාගතයක් කරා ගෙන යාමේ ආරම්භය සනිටුහන් කළ විදුහල්පති තුමන්ගේ දැක්ම හා සැලසුම් පදනම් කර ගනිමින් සමස්ථ පාසල් පද්දතියටත් මාත්ෘ භූමියටත් සැපයීමට මහනුවර ආදර්ශ විද්‍යාලයට හැකි වේවා යන්න අපේ ප්‍රාර්ථනයයි.

අපගේ තේමාව වන “අධිෂ්ටානයෙන් අරමුණ කරා යමු” යන්න වඩාත් පිළිබිඹු වන්නේ අද නොවේ හෙටය.

Kandy Model School
Kandy Model School
Kandy Model School

අපගේ අරමුණු...

  • සාමුහිකත්වය පෙරදැරි කරගත් ආචාරශීලී බුද්දිමත් නැනවත් සිසු දරු දැරියන් පිරිසක් බිහි කිරීම.
  • විශය සමගාමී ක්‍රියාකාරකම් තුලින් ජාත්‍යන්තර මට්ටමේ දරුවන් බිහිකිරීම.
  • ශ්‍රී ලාංකීය පාසල් අතර ආදර්ශමත් පාසලක් බවට පත් කිරීම.
  • හරිත වර්ණයෙන් යුත් ප්‍රිය මනාප ඉගෙනුම් පරිසරයක් ඇති කිරීම තුලින් පරිසරයට ආදරය කරන දරු පිරිසක් බිහි කිරීම.
  • පාසල 1 AB පාසලක් බවට පත් කිරීම.

පාසල් ගීය...

උදයග රිවි මඩලයි – සිසු මන තඹරට මිණි කිරණයි
ඔබ අප රැක වරණයි – අප දිවි දුරලන මිණි පහනයි //

මහවැලි ගග බඩ සුවබර කදුරට තුරුලිය ගොමු අතරේ
නව යුගයක නව මංපෙත හෙලි කල විදු අරුණලු පැතිරේ…

ඒ විදු කිරණින් සුපිපෙන වනමල් අපි වෙමු ඔබ තුරුලේ
ආදර්ශ විදුහල් මවුනි දයාබර ඔබ ගරු නම සුදිලේ

දෙස බස රැස සමයේ – යහපත සලසන ලෙස නිබදේ..
යුග යුග ඔබ සැරදේ – කිතු ගොස පළකර නිති සැරදේ //

පබැදුම – සාලිය ගුණවදණ ශූරීන්
සංගීතය – ප්‍රභාත් මාදව ගුණවදණ මයා