Kandy model school

මහනුවර ආදර්ශ විද්‍යාලයේ ශිෂ්‍යත්ව හපනුන් ඇගැයේ

වත්තේගම අධ්යාපන කලාපයට අයත් මහනුවර ආදර්ශ විද්යාලයෙන් 2022 5 වන ශ්රේණියේ ශිෂ්යත්ව විභාගයට පෙනී සිට සමත් වූ සිසුන් ඇගැයීමේ උත්සවයක් මධ්යම පළාත් ප්රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතාගේ ප්රධානත්වයෙන් අද දින (17) පෙරවරුවේ විද්යාලයීය ශ්රවණාගාරයේ දී පැවැත්විණි.
මෙය විද්යාලයේ 24 වසරක ඉතිහාසය තුළ ලබා ගත් ඉහළ ම ජයග්රහණයකි. විභාගයට ඉදිරිපත්වූ සිසුන් 118 දෙනා අතරින් 51 දෙනෙක් ම අදාළ කඩඉම් ලකුණු සම්පූර්ණ කළහ. සෙසු සියලු සිසුන් සාමාර්ථ ලබා ගෙන ඇත. සමත්වීමේ ප්රතිශතය 100% කි. ඉහළ ම ලකුණු සංඛ්යාව වූ 187 ලබා ගෙන ඇත්තේ ආකාශ් ඉඳුවර සිසුවා යි.
මේ ජයග්රහණයට දායක වූ 4 හා 5 වන ශ්රේණි භාරව සිටින්නේ ඒ.එම්.එන්.රත්නායක, බී.ජී.එච්.කේ.කුමාරි හා උපුල් වෙදගේ යන ගුරු මහත්ම මහත්මීන් ය.
මහනුවර ආදර්ශ විද්යාලය 1 AB ශ්රේණිගත පාසලක් වේ. අද වන විට සිසුන් දෙදහසකට අධික සංඛ්යාවන් මෙහි ඉගෙනුම ලබති.
ඇගැයීමේ උත්සවය සඳහා අතිරේක පළාත් අධ්යාපන අධ්යක්ෂ සී.ටී.ජී. මායාදුන්නේ මහත්මිය සහ පාතදුම්බර කොට්ඨාශ අධ්යාපන අධ්යක්ෂ මනෝජ් සෙනෙවිරත්න මහතා ද සහභාගී වී සිටියහ.
විදුහල්පති ආර්.එම්.එස්.රත්නායක මහතාගේ මඟ පෙන්වීම යටතේ උත්සවය සංවිධානය කොට තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *